Friday, May 17, 2013

නිරුවත් දෙනෙත


ඈ නිරුවත් නොම කල
දෑස නිරුවත් කර
සියුම් රේඛා ඔස්සේ
පහස විදී
අපේ "මහත්වරුන්"

ඈ නිරුවත් කල
එවිටද පහස විඳ
නිගා දෙයි ඈ හට
කිසි ලෙසත් ඒ සුව නොවිදි ලෙස

©Darshana Senaviratne



Tuesday, May 14, 2013

සේකරට




සිද්ධාර්ථ
අද බුදු මැදුරේ
කාන්තියෙන් හිනාවෙනකොට
කිරිපිටි පැකට් එකක්
අතේ තියාගෙන
සිතලේ ගැහි ගැහි
මාරයා ලග වැද වැටෙද්දී
ආවද ඒ පුoචි පුතා
උඹව බේරගන්න


(වැඩි දුර කියවුම්-"සිද්ධාර්ථ"-ප්‍රබුද්ධ-මහගම සේකර)


©Darshana Senaviratne







මට පාලුයි


අමාවකට
සඳු පායනු වස්
බලන් උන් මා
සදු නැති රෑ
ගනදුරේ
තරු කැට මැද
තනි වී
ප්‍රේමයේ සුව විදිමි



මට පාලුයි




©Darshana Senaviratne



වැස්ස


සැදෑ යාමය
මහ වැස්ස
ඝනදුර
තෙමුවේ මා
ආදරය.

ගස් ගල්
දෙබෑ කර
අකුණු-ගිගුරුම්
කළු අහස

වැහි වතුර
කුඩේ යටින්
රූටා එයි-මා නාවයි
හෙට උදේට
ප්‍රේමනීය හෙම්බිරිස්සාව

©Darshana Senaviratne


Saturday, May 11, 2013

හෙට පිපෙන්නට


හෙට හිරු පායනු පිනිස
අද හඳ එලියෙන්
ගනන් කරමි මම
තරු කැට පොදි
වස්සානයේ
ඉතිරිය
දියාරු නොවනු පිනිස...

©Darshana Senaviratne