Tuesday, July 3, 2012

තරු පොකුරු


සුමුදු දෑඟිලි අතින් පටලා
රුවැති යුවතිය පිරුනු ආලෙන්
මලින් බර වුනු ඒ සොදුරු ලොව
මාවතේ පෙම් ලොවක තනිවී

ඈත දෙව්ලොව සදලු තල වල
මැවූ සිහිනය මතක් වී මට
හැඩුම් දුන්නා දරාගනු බැරි
මතක මුතු වැල් පොකුරු පැටලී
©Darshana Senaviratne