මම කිසිවෙකුත් නොදැන උපන්නෙමි.
ඔවුන් මම(සමග ඔවුන්ද ) උසස් බවත් අනෙකුන් පහත් බවත් පැවසීය.
මම අසා සිටියෙමි.
ඔවුන්, අනෙකුන් මෝඩයන් බවත් මම (සමග ඔවුන්ද ) බුද්ධිමත බවත් පැවසීය.
මම අසා සිටියෙමි.
ඔවුන් අනෙකුන් අන්තගාමීන් බවත් අප මැදිහත් සාමකාමීන් බවත් පැවසීය.
මම අසා සිටියෙමි.
අවසානයේදී ඔවුන් වර්ගය රැකියයුතු බවත්, ත්‍රස්තයන් විනාශ කලයුතු බවත් පැවසීය.
මම සිනාසුනෙමි... මම සිනාසුනෙමි.
මම නොනවත්වාම සිනාසුනෙමි!
©Darshana Senaviratne

No comments:
Post a Comment